Friday, August 29, 2014

හොඳ motherboard එකක් තෝරාගනිමු.

සුභ දවසක්! මම මේ පොස්ට් එකෙන් කතා කරන්නේ කොහොමද අපි හොඳ mother board එකෙක් තෝර ගන්නේ කියල. මම මගේ කලින් පොස්ට් එකෙන් කතා කරා computer casing ගැන. ඉතින් mother board එකක් ගන්නකොට අපි ළඟ තියන casing එකට හරි යනවද කියල හැමදේටම කලින් බලන්න ඕනි. mother board වර්ග ප්‍රධාන වශයෙන් 5ක් තියනවා. අපි වෙන වෙන වර්ගවල mother board වලට කියන්නෙ mother board form factors කියල. මේවා වෙනස් වෙන්නේ ප්‍රමාණයෙන් , power supply වර්ගයෙන් වගේ දේවල් වලින්. පහලින් තියෙන පින්තුරෙන් ඒ වෙනස හොඳින් පේනවා.

අපි වැඩිපුරම පාවිච්චි කරන්නෙ පළවෙනි සහ දෙවැනි වර්ග දෙක. ATX කියන එකේ තේරුම තමයි (Advanced Technology eXtended)  කියන එක. ඉතින් මේ mother board එක casing එකට ගැලපෙනවද කියල අනිවාර්යයෙන්ම බලන්න ඕනි. උදාහරණයක් විදියට Mid tower casing එකට Standard-ATX සහ Micro-ATX කියන දෙවර්ගෙම පාවිච්චි කරන්න පුළුවන්. අපි mother board වර්ග ගැන කතා කරානෙ, දැන් බලමු mother board එකක් ගන්නකොට බලන්න ඕනි දේවල් මොනාද කියල.

 බලන්න ඕනි පලවෙනි දේ තමයි mother board එකට ගැලපෙන processors වර්ග මොනාද කියල. උදාහරණයක් විදියට දැන් අලුතින් එන mother boards වලට ඉන්ටෙල් core i3, core i5, core i7 කියන 3න් ඕනිම processor එකක් පාවිච්චි කරන්න පුළුවන්.

ඊට පස්සේ අපි බලන්න ඕනි චිප් සෙට් එක. chip set එක කියල කියන්නෙ input සහ output පාලනය කරන chip එක. ලෝකේ වැඩිම වශයෙන් පාවිච්චි කරන්නෙ Intel chip set එක. AMD සහ Apple කියන ඒවත් තියනවා. මම කියන්නෙ Intel චිප්සෙට් එකකට යන්න කියල.

අනික් දේ තමයි බ්‍රෑන්ඩ් එක. mother boards හදන companies ගොඩක් තියනවා. උදාහරණ විදියට GIGABYTE, Foxconn, MSI, ASUS වගේ බ්‍රෑන්ඩ්ස් ගන්න පුළුවන්. එයාල හැමෝම පාවිච්චි කරන්නෙ Intel එහෙමත් නැතිනම් AMD චිප්සෙට් එකක්. මේ බ්‍රෑන්ඩ්ස් ටිකක් මිලෙන් අඩුයි. මේවට අමතරව ඉන්ටෙල් සමාගමෙන්ම හදන motherboard එකක් තියනවා. ඒක ටිකක් මිලෙන් වැඩියි. ඒක තමයි හොඳ. එහෙම වියදම් කරන්න අමාරු නම් අනික් motherboard එකක් ගත්තට අවුලක් නැහැ. හැබැයි වෙන සමාගම් වලින් intel චිප්සෙට් පාවිච්චි කරලා හදන motherboards වල තියන features වැඩියි. උදාහරණයක් විදියට සමහර ASUS motherboard වල wifi චිප් එකක් තියනවා.

ඊට පස්සේ බලන්න ඕනි cache memory එක. cache memory කියන්නෙ CPU (Central Processing Unit) process එකක් කරන්න උදව් වෙන memory එකක්. මේ කාලේ විදියට අවම 4 MB වත් තිබ්බ නම් හොඳයි.

mother board එකක් ගන්නකොට බලන්න ඕනි තව දෙයක් තමයි ඒකට support කරන උපරිම RAM (Random Access Memory) ප්‍රමාණය. උදාහරණයක් විදියට අලුතින් එන mother board වල ලියල තියනවා, Maximum 16GB කියල. මේ ගැන බැලුවේ නැති උනොත් පස්සේ කාලෙක RAM එක update කරගන්න යද්දි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

 Expansion Slots, කියල කියන්නෙ mother board එකක් ගන්නකොට බලන්න ඕනි තවත් දෙයක්. මේ ස්ලොට්ස් වලට තමයි අපි වැඩිපුර performance ඕනි උන වෙලාවට කාඩ්ස් set කර ගන්නෙ. උදාහරණයක් විදියට mother board එකත් එක්ක on board එන VGA එක මදි නම් අපිට පුළුවන් අමතරව VGA Card එකක් set කර ගන්න. පහතින් තියෙන්නේ අලුතින්ම එන mother board එකක  Expansion Slots වල පින්තුරයක්.






hard disk එක සහ CD/DVD drive එක set කරන්න අලුතින්ම එන ස්ලොට් එක තමයි SATA කියන interface එක. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

අවසාන වශයෙන් USB version එක (අලුත්ම එක USB 3.0 - නිල් පාට පොර්ට් එක), on board sound card එක වගේ දේවල් ගැනත් බලන්න ඕනි. උදාහරණයක් විදියට 5.1 channel sound card එකකින් surround sound අහන්න පුළුවන්.


 නිර්දේශිත නවතම mother boards

1. MSI Z87 mpower max
    වැඩි විස්තර - http://www.computershopper.com/components/reviews/msi-z87-mpower-max







2. gigabyte ga-z77x-ud5h

    වැඩි විස්තර - http://www.computershopper.com/components/reviews/gigabyte-ga-z77x-ud5h#review-body





3. asus-p9x79-deluxe
    වැඩි විස්තර  - http://www.computershopper.com/components/reviews/asus-p9x79-deluxe





මම හිතනවා මේ පොස්ට් එකෙන් mother board එකක් ගන්නකොට බලන්න ඕනි දේවල් ගැන පොඩි හරි අදහසක් ඔයාලට ලැබෙන්න ඇති කියල. මගේ පොස්ට් එක කියෙව්වට ස්තුතියි.

-ආජිත-









   


  

Thursday, August 28, 2014

Computer Casing

සුභ දවසක් යාලුවනේ. මම අද තමයි මේ බ්ලොග් එක ලියන්න පටන් ගන්නේ. මම මේ බ්ලොග් එකෙන් කරන්න හිතන් ඉන්නේ ඔයගොල්ලොන්ට ගොඩක් වෙලාවට එන්න පුළුවන් Computer එකත් එක්ක සම්බන්ද Technical  ප්‍රශ්න කොහොමද විසදගන්නේ කියල උගන්නන්න. මම හිතුව පොඩිම තැන ඉදල පටන්ගෙන ඔයාලට හොඳ knowledge එකක් දෙන්න.

මම අද පළවෙනියටම කතා කරන්න යන්නේ Computer casing එක ගැන. computer casing වර්ග 2 ක් තියනවා.

1. ඩෙස්ක්ටොප් (Desktop ) casing


මේ තියෙන්නේ desktop වර්ගයේ casing එකක්. දැන් කාලේ නම් මේ වර්ගෙ එනව ගොඩක් අඩුයි . හැබැයි නෑ කියන්නත් බෑ . මේ වර්ගෙ casing එකක් තිබ්බ කියල computer එකේ performance වල කිසිම වෙනසක් වෙන්නෙ නැ. මේවා හදන හේතුව තමයි office එකේ හරි ගෙදර හරි  computer එකට යන ඉඩ ඉතුරු කර ගන්න එක . මොකද මේ casing එක උඩින් තමයි monitor එක තියන්න ඕනි.

2. ටවර් (Tower) casing .

Tower වර්ගෙ casing 3ක් තියනවා .
1. Micro Tower
2. Mid / Mini Tower
3. Full Tower


මේ පින්තුරෙන් පේනවා ඇතිනෙ මේවා වෙනස් වෙන්නෙ size එකෙන් කියල. හරි මම දැන් මේ tower casing වර්ග 3 ගැන වෙන වෙනම කියල දෙන්නම් .

Micro Tower .

Micro Tower තමයි tower casing වල තියන පොඩිම casing එක . මේ වර්ගයේ casing එකකට හරි යන mother board (මව් පුවරුව) එකකුත් තියෙන්න ඕනි . අපි mother board ගැන ඉස්සරහට කතා කරමුකෝ . මතක තියා ගන්න මේ වර්ගෙ casing එක්ක එන computer වල performance නම් ටිකක් අඩුයි. performance ගැන වැඩිය ඕනි  නැති , ඉඩ සහ ලස්සන ගැන හිතන අයට නම් මේ වර්ගයේ එකක් හොදයි .

Mini / Mid Tower

Mini එහෙමත් නැතිනම් Mini tower casing තමයි අපි සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන්නේ . ගොඩක් වෙලාවට office වලත් තියෙන්නේ මිඩ් tower casing තමයි.


Full Tower.

Full tower casing පාවිචිචි කරන්නේ ටිකක් ලොකු වැඩ කරන්න ඕනි computers වල . උදාහරණයක් විදියට server computer එක ගන්න පුළුවන්. server එකක් කියල කියන්නේ network එකක අනික් හැම computer එකක්ම handle කරන්න පුළුවන් එකක් . අපි servers ගැන ඉස්සරහට කතා කරමු. performace වැඩි වෙනකොට ඇතුලේ තියන පාර්ට්ස් ගානත් ටිකක් වැඩි වෙනව. ඒ නිසා තමයි sever වගේ computers වලට full tower casing එකක් පාවිච්චි කරන්න වෙන්නෙ .

යාලුවනේ මම හිතනව ඔයාලට casing ගැන වැඩිපුර දැනගෙන හිටියේ නැත්තන් දැන් පොඩි අදහසක් තියනවා කියල. ඔයාලට සුභ දවසක්. මගේ බ්ලොග් එක කියෙව්වට ස්තුතියි.

-ආජිත-